T20 ජයග්‍රාහකයන්ට මෙවර කෝටි 81

null

2016 වසරේ ඉන්දියාවේ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5.6 ක (රුපියල් කෝටි 81.3) ත්‍යාග මුදලක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

මෙය 2014 වසරේ බංග්ලාදේශයේ පැවති තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ත්‍යාග මුදලට වඩා 86%කින් වැඩිකර ඇතැයිද අයි.සී.සී.ය පෙන්වා දෙයි.

එමෙන්ම ඊට සමගාමීව පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 400000 ක් ප්‍රදානය කිරීමට නියමිත අතර, එයද පසුගිය තරගාවලිවට ගෙවූ මුදලට වඩා 122% කින් වැඩිවීමකි.

2016 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා පිරිමි අංශයේ තරග 35ක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවට මෙහිදී ජයග්‍රහණය සඳහා අවස්ථාව ඇති බවට මත පළවී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>