T20 ප්‍රථම තරඟයේ ජය ශ්‍රී ලංකාවට

null

ඉන්දියාව සමඟ පැවැති ප්‍රථම විස්සයි විස්ස තරඟය කඩුලූ 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ඉන්දීය කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 101ක් ලබා ගන්නට සමත් වුණි.

ඊට පිළිතුරු ලෙස ශ්‍රි ලංකාව පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 105ක් ලබා ගනිමින් තරගයේ ජය හිමිකර ගන්නට සමත් වී තිබේ.

කසුන් රාජිත, සිය මංගල ජාත්‍යන්තර තරඟයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුලූ 3ක් දවා ගත් අතර ඔහු තරගයේ වීරයා බවට ද පත්විය.

තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඉන්දියා විස්සයි විස්ස තරගාවලියේ එකට බින්දුවක් ඉදිරියෙන් පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>