T20 ලෝක කුසලානේ කාල සටහන නිකුත්වෙයි

null

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන 2016 වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගමාලාවේ කාලසටහන හා කාණ්ඩ එළි දැක්වීම ඊයේ (11) සිදු කෙරුණි.

තරගාවලිය මාර්තු මස 8 වැනිදා සිට අප්‍රේල් මස 3 වැනිදා දක්වා ඉන්දියාවේ ක්‍රීඩාංගණ 8 කදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව මෙවර සුපිරි වටයේදී තරග වදිනුයේ දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය හා පළමු වටයේ තරගවලින් බී කාණ්ඩයෙන් ජයගන්නා කණ්ඩායම සමගය. බී කාණ්ඩය යටතේ පළමු වටයේදී සිම්බාබ්වේ, ස්කොට්ලන්තය, හොංකොං හා ඇෆ්ගනිස්ථානය තරග වැදීමට නියමිතය. ඉන් ජයගන්නා කණ්ඩායම ශ්‍රී ලංකාව සහභාගී වන කාණ්ඩයේ සුපිරි වටයට ඇතුළත් වනවා ඇත.

එමෙන්ම ඉන්දියාව, පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය පළමුවටයේදී ඒ කාණ්ඩයෙන් ජයගන්නා කණ්ඩායම සුපිරි වටයේදී අනෙක් කාණ්ඩයෙන් තරග කරනා අතර, එහිදී බංග්ලාදේශය, නෙදර්ලන්තය, අයර්ලන්තය හා ඕමානය අතරින් එක් කණ්ඩායමක් ඔවුන් හා සුපිරි වටයේදී තරග කරනු ලබයි.

තරගාවලිය මාර්තු 08 සිට අප්‍රේල් 03 පැවැත්වෙන්නේ ක්‍රීඩාංගන 8කදී.
Bengaluru,
Chennai,
Dharamsala,
Kolkata,
Mohali,
Mumbai,
Nagpur
New Delhi

ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය මාර්තු මස 17වෙනිදා කොල්කටා නුවරදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර ක්‍රීඩා විචාරකයෝ පෙන්වාදෙන්නේ මෙවර විස්සයි විස්ස ජගත් කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ඉලක්කයක් ලැබී තිබෙන බවයි.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>