30 Dec 2014
TNA මෛත්‍රීට සහය දෙයි
ඉදිරි ජනපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතට ලබාදීමට තීරණය කර තිබේ.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් මහතා මේ බව දැනුම්දුන්නේය.
මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළේ කිසිදු ගිවිසුමකින් තොරව බව ආර් සම්බන්ධන් මහතා මෙහිදී කියාසිටියේය. එමෙන්ම මෛත්‍රී පාලනය පිළිබදව තමන්ට විශාල බලාපොරොත්තුවක් පවතින බවත් රටට බාධාවක් නොවන පරිදි දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබාගැනීමට හැකිවනු ඇත් බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී අපේක්ෂා පළ කළේය.
අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ දේශපාලන විසදුමක් සම්බන්ධයෙන් හෝ උතුරේ හමුදා ඉවත් කිරීම පිළිබද කිසිදු එකඟතාවක් නොපවතින බව ද සම්බන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.