Windows 10 අද නිකුත් වේ

null

මයික්‍රොෙසාෆ්ට් සමාගමේ අලුත්ම පරිගණක මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10 (Windows 10) මෙහෙයුම් පද්ධතිය අද (29) නිකුත් වේ.

ඔබ දැනටමත් වින්ඩෝස් 7,වින්ඩෝස් 8 හෝ වින්ඩෝස් 8.1 යන මෙහෙයුම් පද්ධතිවලින් එකක් භාවිතා කරන්නේ නම් වින්ඩෝස් 10 නොමිලේ ලබා ගත හැක. ඒ එම පද්ධතියේ අප්ග්‍රේඩ් එකක් වශයෙනි. එතැන් පටන් වසරක කාලයක් ඇක්ටිව් නොකර මෙය නොමිලේ බාවිතා කිරීමට අවස්ථාව හිමිවේ.

කෙසේ වෙතත් මෙම පහසුකම ලැබෙන්නේ නිත්‍යානුකුලව වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 හා Windows Phone 8.1 මෙහෙයුම් පද්ධති මුදල් දී ලබාගත් පිරිසට පමණි. ව්‍යාජ කොපි භාවිත කරමින් සිටින පුද්ගලයින්ට මෙම වාසිය අත්විඳිය නොහැක.

නියම වශයෙන් මිලදී ගත් (Genuine) වින්ඩෝස් 7,වින්ඩෝස් 8 හෝ වින්ඩෝස් 8.1 මෙහෙයුම් පද්ධති ඉන්ස්ටෝල් කර ඇති පරිගණකවලට සහ වින්ඩෝස් ෆෝන් 8.1 ඇති මොබයිල් උපාංගවලට වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් එක ලබාගත හැකි අකාරය කියැවෙන පණිවුඩය දැනටමත් එවා තිබේ.

null

ඩෙස්ක්ටොප් එකෙහි පහළින් ඇති සිස්ට්‍රම් ට්‍රේ එක මත වින්ඩෝස් අයිකනයක් එය පෙන්වයි. එය මත ක්ලික් කර එහි දක්වා ඇති පියවර ඔස්සේ ඉදිරියට ගොස්, වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය තම පරිගණකයට සාමාන්‍ය වින්ඩෝස් අප්ග්‍රේඩ් එකක් සේ ලබාගත හැක. එය ඉන්ස්ටෝල් කරගත් විට දැන් තිබෙන මෙහෙයුම් පද්ධතිය ඉබේම වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය බවට හැරේ.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>