Windows 10 සම්පූර්ණයෙන්ම නොමිලේ

null

මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය Windows 10 හඳුන්වා දීමේ උත්සවයක් ඊයේ දිනයේදී පැවැත්වුණි.

එහිදී ඉදිරිපත්වූ කරනු අනුව මේ වනවිට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිත කරන පුද්ගලයන් සඳහා පළමු වසරක කාලය Windows 10 මෙහෙයුම් පද්ධතිය නොමිලේ භාවිත කිරීමට ඉඩ සලසා ඇති බවට වාර්තා වේ.

ඒ අනුව දැනට වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 හා Windows Phone 8.1 මෙහෙයුම් පද්ධති භාවිත කරන පුද්ගලයින් සඳහා Windows 10 මෙහෙයුම් පද්ධතිය නොමිලේ ලබා දෙනු ඇත.

මීට පෙර පැවති මෙහෙයුම් පද්ධති සංස්කරණ සඳහා එක් එක් මෙහෙයුම් පද්ධතියට වෙන වෙනම මුදල් ගෙවා මිලදී ගැනීමට සිදු වූවත් වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතියට පසුව නිකුත් කළ වින්ඩොස් 8.1 අනු සංස්කරණය නොමිලයේ ලබා දෙමින් මයික්‍රොෙසාෆ්ට් සමාගම සිය නව සේවා විලාශය ආරම්භ කළේය.

නවතම මෙහෙයුම් පද්ධතිය බොහෝ දෙනෙකු අතර ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් මෙලෙස නොමිලේ වසරක් පුර එය භාවිත කිරීමට ඉඩ සලසා තිබේ.

කෙසේ වෙතත් මෙම පහසුකම ලැබෙන්නේ නිත්‍යානුකුලව වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 හා Windows Phone 8.1 මෙහෙයුම් පද්ධති මුදල් දී ලබාගත් පිරිසට පමණි. ව්‍යාජ කොපි භාවිත කරමින් සිටින පුද්ගලයින්ට මෙම වාසිය අත්විඳිය නොහැක.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>